
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මාර්ගගත(ඔන්ලයින්) ආරක්ෂණ පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වීමට සභාව එකඟ වන්නේ ද යන්න පිළිබඳ යෝජනාව වැඩි ඡන්ද 33 කින් පාර්ලිමේන්තුවේදී සම්මත විය.
පනත් කෙටුම්පත විවාදයට ගැනීම සඳහා විපක්ෂය විසින් ඉදිරිපත් කර තිබූ බෙදීමකින් අනතුරුව මෙම ඡන්ද විමසීමක් පැවැත්විණි.
මන්ත්‍රීවරුන් 83 දෙනකු කෙටුම්පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ අතර විපක්ෂව ඡන්දය ප්‍රකාශ කළේ මන්ත්‍රීවරුන් 50 දෙනෙකි.
කෙසේවෙතත් අද පෙරවරුවේ පැවැති සාකච්ඡාවකදී විපක්ෂයේ පක්ෂ නායකයන් කතානයකවරයාගෙන් ඉල්ලා සිටියේ මෙම කෙටුම්පත විවාදයට නොගෙන බැහැර කිරීමට පියවර ගන්නා ලෙසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart