
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඊශ්‍රායල – පලස්තීන ගැටුම අතරතුර ඊයේ (09) අතුරුදන් වූ බව කියන ශ්‍රී ලංකික කාන්තාව මියගොස් ඇතැයි සැකකරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ (SLBFE) මාධ්‍ය ප්‍රකාශක ගාමිණී සෙනරත් යාපා පවසයි.
සමාජ මාධ්‍ය ඔස්සේ ලැබුණු තොරතුරකට අනුව අදාළ කාන්තාව වෙඩිතබා ඝාතනය කර ඇති බවට සැකකරන බව ඔහු සඳහන් කරයි.
ගම්පහ ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි කාන්තාවක් වන ඇය දරුවන් දෙදෙනෙක්ගේ මවක් වේ.
2022 වසරේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය යටතේ හෙදියක් ලෙස ඇය ඊශ්‍රායලයට ගොස් ඇත.
ඊශ්‍රායලයේ පවතින නීති රෙගුලාසිවලට අනුව රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම මත අදාළ කාන්තාවගේ දේහය ශ්‍රී ලංකාවට ගෙන්වාගැනීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කරයි.
එමෙන්ම ඇයට හිමිවිය යුතු සියලුම රක්ෂණ හා වන්දි විදේශ රැකියා නියෝජිතායතනයෙන් ලබාදෙන බව හෙතෙම වැඩිදුරටත් පවසයි.
මෙම කාන්තාවගේ අනන්‍යතාව විදේශ සේවා නියුක්ති කාර්යාංශය මෙතෙක් නිල වශයෙන් අනාවරණය කර නැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart