
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඓතිහාසික පෝලන්ත නගරයක් වන ‘නොවි සාච්’ හිදී පැවැත්වුණු Miss Polski 2026 අවසන් මහා තරඟාවලියේදී ශ්‍රී ලංකාව කෙරෙහි විශේෂ අවධානයක් යොමුව තිබේ.
මෙම උත්සවය Polsat නාලිකාව ඔස්සේ සජීවීව විකාශය කරන ලදී.
පෝලන්තයේ ශ්‍රී ලංකා තානාපති ප්‍රියංගිකා ධර්මසේන මෙම වර්ණවත් උත්සවයේ ගෞරවනීය අමුත්තා ලෙස සහභාගී වූවාය.
නර්තන හා සංගීත අංග, තරඟකාරියන් හඳුන්වාදීම් සහ ඇඳුම් විලාසිතා දැක්මවලින් මෙම උත්සවය සමන්විත විය.
ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් ජූනි 07 සිට 17 දක්වා සංවිධානය කරන ලද ප්‍රවර්ධන සංචාරයකින් අනතුරුව මෙම රූප රාජිනී තරඟාවලිය පැවැත්විණි.
එහිදී අවසන් වටයට තේරී පත්වුණු තරඟකාරියෝ 24 දෙනා සහ නිෂ්පාදන කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූහ.
තරඟයේ බිකිනි වටය ශ්‍රී ලංකාවේ සුන්දර ස්ථාන ආශ්‍රිතව රූගත කරන ලද අතර, එය පෝලන්ත මාධ්‍ය තුළ දැඩි අවධානයට ලක්විය.
තරඟාවලිය අතරතුර, තරඟකාරියන් ශ්‍රී ලංකාවේ ලැබූ අත්දැකීම්, ආගන්තුක සත්කාර සහ සුන්දර ස්ථානවල සිදුකළ ඡායාරූප රූගත කිරීම් ඇතුළත් විශේෂ වීඩියෝ දර්ශනයක් ද ප්‍රදර්ශනය කෙරුණු අතර, එමඟින් ශ්‍රී ලංකාව ප්රමුඛ පෙළේ සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට හැකිව තිබේ.
මෙහිදී ‘වික්ටෝරියා ප්ටැක්’ Miss Polski 2026′ ලෙස කිරුළු පැළඳි අතර, ඇය ඉදිරියේදී Miss Supranational තරඟාවලිය සඳහා පෝලන්තය නියෝජනය කිරීමට සුදුසුකම් ලැබුවාය.
ඇයට මුදල් ත්‍යාගයකට අමතරව, වෝර්සෝ හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සහයෝගයෙන් සංවිධායකයන් විසින් පිරිනමන ලද දින 10ක ශ්‍රී ලංකා සංචාරයක් සඳහා පූර්ණ ආගන්තුක සත්කාර සහිත දෙදෙනෙකුට ගුවන් ටිකට්පත් ද හිමිවිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart