
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලාංකික සංචාරක මාර්ගෝපදේශකයෙක් ඉතාලි ජාතික යුවලකට සිය සංචාරයේදී ලබාදුන් සේවය ගැන සිහි කරමින් ඔවුන් පිටත්ව යන මොහොතේදී කඳුළු සලන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය වේදිකාවල සංසරණය වේ.
ගාල්ල, මිරිස්ස, යාල ජාතික වනෝද්‍යානය, ඇල්ල, මහනුවර, සීගිරිය, අනුරාධපුරය, පොළොන්නරුව, ත්‍රිකුණාමලය සහ මීගමුව යන ප්‍රදේශවල සංචාරය කිරීමට අගෝස්තු 08 වැනිදා පැමිණි මොවුන් දෙදෙනාට අදාළ සංචාරක මාර්ගෝපදේශකයා සහාය වී ඇත.
ශ්‍රී ලංකාව තුළ අමතක නොවන අත්දැකීමක් ලබාදීම වෙනුවෙන් ඉතාලි යුවළ ශ්‍රී ලාංකිකයාව වැළඳ ගන්නා අයුරු වීඩියෝ දර්ශනවලින් දැක්වේ.
ඉතාලි ජාතික යුවළ කටුනායක ගුවන් තොටුපළේදී තම සංචාරක මඟ පෙන්වන්නාට හැඟීම්බරව සමුදෙන අයුරු එහිදී දක්නට ලැබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart