
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බලපත්‍ර නොමැති විදේශීය වෙළඳුන් හේතුවෙන් ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය බරපතල තර්ජනයකට ලක්ව ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය ප්‍රකාශ කරයි.
බේරුවල China Fort මැණික් වෙළෙඳ පොළේ සහ රත්නපුරයේ, නීතිවිරෝධී විදේශීය වෙළෙඳුන් සහ ගැණුම්කරුවන්ගේ පැමිණීම හා බලපෑම් දේශීය මැණික් ව්‍යාපාරිකයන්ට විශාල අභියෝගයක් වී ඇති බව අපනයන ප්‍රවර්ධන නියෝජිතායතනයේ උපදේශක කමිටුව පෙන්වාදෙයි.
අපනයන සංවර්ධන මණ්ඩලය පෙන්වාදෙන ආකාරයට, බේරුවල මැණික් වෙළෙඳපොළ සහ රත්නපුරය මුහුණ දෙන ප්‍රධානතම අභියෝගය වන්නේ නීතිවිරෝධී විදේශීය වෙළෙඳුන්ගේ දැඩි තරගයයි.
එම කමිටුවට අනුව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ කිසිදු බලපත්‍රයක් නොමැතිව, විදේශ වෙළෙන්දෝ ශ්‍රී ලංකාවට පැමිණ, සංචාරයේ වීසා බලපත්‍රයක් ලබාගෙන මැණික් ව්‍යාපාරයේ නිරත වෙති. එහෙත් මැණික් වෙළඳාමේ යෙදීමට අධිකාරියෙන් බලපත්‍රය ලබා ගැනීම අනිවාර්ය වේ.
“මෙම බලපත්‍ර රහිත මැණික් වෙළඳාම ශ්‍රී ලංකාවේ කීර්ති නාමයට බරපතල ලෙස හානියකි. එය බොහෝ අක්‍රමිකතාවලට තුඩු දිය හැකිය. මෙම විදේශීය වෙළෙන්දන්ට අන්තර්ජාල නාලිකා සමඟ සම්බන්ධතා ඇති බැවින්, අන්තර්ජාල වේදිකා හරහා පුළුල් පරාසයක ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන්ගේ ගනුදෙනු ඔවුන්ට පවතී” යැයි එම කමිටුව වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart