
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හම්බන්තොට දිස්ත්‍රික්කයේ බොරතෙල් පිරිපහදුවක් ඉදිකිරීම සඳහා චීනයේ සයිනොපෙක් (Sinopec) සමූහය සමඟ ගිවිසුමක් අත්සන් කිරීමට ශ්‍රී ලංකාව සැලසුම් කර ඇති බව බලශක්ති ඇමැති කංචන විජේසේකර පවසයි.
සති කිහිපයකින් ගිවිසුම අත්සන් කිරීමට ශ්‍රී ලංකාව සැලසුම් කර ඇති බව ඔහු ජනමාධ්‍ය වෙත සඳහන් කළේය.
විටෝල් නමැති අනෙක් සිංගප්පූරු තරගකරුවා පිරිපහදු තරගයෙන් ඉවත් වූ බව ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
පිරිපහදුව ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා රජය හම්බන්තොටින් චීන සමාගමට ඉඩමක් ලබාදීමට නියමිතය.
මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ඩොලර් බිලියන 04ක් වැයකෙරෙන බව රජය මීට පෙර අනාවරණය කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart