November 13, 2025

රටේ බලයට පත්වන සෑම ආණ්ඩු­වකටම පවතින්නේ රට ගොඩ­නැගීමේ පරමාර්ථය බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ ගැටලුව පවතින්නේ එම උත්සහය කෙතරම් ප්‍රායෝ­ගික මට්ට­මකින් සිදුවනවා ද යන්න සම්බන්ධයෙන් බවයි.

කිසිඳු ආණ්ඩුවක් වැඩ නොකිරීමේ මතයක නොසිටින බවත් ප්‍රතිපත්ති සහ අරමුණු ඉටු කරගැනීමට නොයෙක් උප­ක්‍රම භාවිත කරන බවත් මන්ත්‍රීවරයා පැවසුවේය.

එම ක්‍ර්‍රියාවලියේදී මුදල් වෙන්කිරීම මෙන්ම වැයකිරීම ද සිදුකරන බව පෙන්වාදුන් මන්ත්‍රීවරයා පැවසුවේ, අරමුණු ඉටුවූයේ ද යන්න සොයාබැලිය හැකි වන්නේ පසු­වි­ප­ර­ම­කින් බවයි.

වත්මන් ආණ්ඩු­ව ද අනෙක් ආණ්ඩු මෙන්ම සිය වගකීම් ඉටු කිරීමට උත්සහ දරණ බව පැවසූ මන්ත්‍රීවරයා, සාධනීය ප්‍රතිපත්ති ක්‍රියා­වට නැංවිය යුතු බවත් එහි ප්‍රති­ඵ­ලය කුමක් ද යන්න විමසා බැලිය හැක්කේ අවසානයේදී බවත් පෙන්වාදුන්නේය.