
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම නිල සංඛ්‍යාලේඛනවලට අනුව, 2026 ඔක්තෝබර් මාසය තුළ මෙරටට පැමිණ ඇති විදේශීය සංචාරකයින් සංඛ්‍යාව 168,625 කි. ඉතිහාසයේ ඔක්තෝබර් මාසයකදී මෙතරම් ඉහළ සංචාරකයින් පිරිසක් දිවයිනට පැමිණි පළමු අවස්ථාව මෙය වන අතර, එය මෙරට සංචාරක කර්මාන්තයේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සැලකේ.
පසුගිය 2025 ඔක්තෝබර් මාසයේදී වාර්තා වූ සංචාරකයින් 165,193 ක සංඛ්‍යාවට සාපේක්ෂව මෙවර 2.1% ක වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර, එය 2018 වසරේ ඔක්තෝබර් මාසයේ වාර්තා වූ 153,123 ක සංඛ්‍යාවද අභිබවා යාම විශේෂත්වයකි.
මෙම ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි. එම සංඛ්‍යාව 62,211 ක් වන අතර, එය සමස්ත මාසික සංචාරක පැමිණීමෙන් 37% කි.
දෙවැනි ස්ථානය හිමිකර ගනිමින් එක්සත් රාජධානියෙන් සංචාරකයින් 12,402 ක් පැමිණ ඇති අතර, චීනයෙන් 11,190 ක්, ඔස්ට්‍රේලියාවෙන් 8,509 ක් සහ ජර්මනියෙන් 8,027 ක් ලෙස පිළිවෙළින් අනෙකුත් ප්‍රධාන මූලාශ්‍ර රටවලින් සංචාරකයෝ පැමිණ තිබේ. මීට අමතරව, රුසියාව, ප්‍රංශය, බංග්ලාදේශය, ඇමරිකා එක්සත් ජනපදය සහ මාලදිවයින යන රටවලින්ද සැලකිය යුතු සංචාරකයින් පිරිසක් දිවයිනට පැමිණ ඇත.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම දත්ත පෙන්වා දෙන ආකාරයට, ඔක්තෝබර් මාසය තුළ දෛනික සංචාරක පැමිණීමේ සාමාන්‍ය අගය දළ වශයෙන් 5,440 ක් ලෙස සටහන් විය. ඒ අතරින් ඉහළම දෛනික පැමිණීමක් වාර්තා වූයේ ඔක්තෝබර් 17 වැනි දින වන අතර, එදින පමණක් සංචාරකයින් 7,045 දෙනෙක් දිවයිනට පැමිණ තිබේ. එමෙන්ම, ඔක්තෝබර් 15 සිට 21 දක්වා කාලය තුළ වැඩිම සතිපතා පැමිණීම වාර්තා විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart