
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
චීනයෙන් මෙරටට මාළු ආනයනය කිරීමට රජය අවසර ලබාදී ඇත.
මෙරට ධීවරයන්ට නෙළාගත නොහැකි ඉතා දුර්ලභ ගණයේ මත්ස්‍යයන් ආනයනය කිරීමට මෙසේ ධීවර සංස්ථාවට අවසර ලබාදී තිබේ.
එසේ මත්ස්‍යයන් ආනයනය කිරීමේදී කිසිදු වංචාවක් සිදු නොවිය යුතු බවත්, වංචාවක් සිදු වුවහොත් අදාළ පුද්ගලයන් සඳහා දැඩි නීතිමය පියවර ගන්නා බවත්, ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා පවසා ඇත.
මේ අතර, ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව චීනයෙන් මෙරටට මත්ස්‍ය තොගයක් ආනයනය කර ඇති බවට පසුගියදා ධීවර සංගම් චෝදනා කළේය.
ලංකා ධීවර සංස්ථාව ආනයනය කර ඇති අදාළ මත්ස්‍ය තොගය වාරයට පැමිණ ඇති බවට තොරතුරු ලැබී ඇතැයි එම සංගම් සඳහන් කරයි.
ටෙන්ඩර් පටිපාටියකින් තොරව සහ කිසිදු අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියකින් තොරව අදාළ මත්ස්‍ය තොගය මෙරටට ගොඩබෑ පසුව හදිසියේම අදාළ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය සඳහා අවශ්‍ය ලේඛන සකසමින් සිටින බවට වාර්තා වී ඇතැයි වෘත්තීය සමිති සඳහන් කළේය.
ආයතනයේ නිලධාරීන් හරහා අවශ්‍ය ලේඛන අත්සන් කරගැනීමේ උත්සහයක් පවතින බව ද ධීවර සමිති පෙන්වා දුන්හ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart