
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ව්‍යාජ රාජ්‍යතාන්ත්‍රික විදේශගමන් බලපත්‍රයක් ළඟතබා ගැනීමේ වරදට වරදකාරිය වී සිරදඬුවම් නියම වූ හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශට එරෙහි නඩුව ලබන ඔක්තෝබර් 12 වැනිදා නැවත කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (28) නියෝග කළේය.
මෙම පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ අද කැඳවන ලදී.
ඊට අදාළව, සිරදඬුවම් නියම වී දැනට ඇප මත පසුවන ශෂී වීරවංශ අධිකරණය හමුවේ පෙනීසිටියාය.
එහිදී ඇයට නියම වූ සිරදඬුවම කොළඹ මහාධිකරණය මගින් ස්ථිර කර ඇති බවත්, එම තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ගොනුකර ඇති බවත් අධිකරණය හමුවේ කරුණු දක්වන ලදී.
එම අභියාචනයට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු සටහන් ඉදිරිපත් කර නොතිබීම හේතුවෙන්, ඒවා ඉදිරිපත් කිරීම සඳහා මහේස්ත්‍රාත්වරයා කල් ලබාදුන්නේය.
ඒ අනුව, අදාළ පැමිණිල්ල ඔක්තෝබර් 12 වැනිදා නැවත කැඳවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart