
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනාධිපතිවරයා විසින් ඊයේ සිදු කළ අයවැය කතාවෙන් පසු සංවිධානය කරන ලද තේ පැන් සංග්‍රහය සඳහා විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්ම සහභාගී වී නොමැති බව වාර්තා වේ.
නම් සඳහන් කිරීමට අකමැති වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ‘ඩේලි මිරර්’ පුවත්පත් වෙත ප්‍රකාශ කළේ තේ පැන් සංග්‍රහයට සහභාගී නොවන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටි බවයි.
අයවැයෙන් පසු විපක්ෂ මන්ත්‍රී මණ්ඩල රැස්වීමක් සංවිධානය කර තිබූ බව පෙන්වා දුන් ප්‍රධාන විපක්ෂ සංවිධායක ගයන්ත කරුණාතිලක “අපට එම රැස්වීමට සහභාගී වීමට සිදුවන බැවින් තේ පැන් සංග්‍රහය කෙරෙහි අවධානය යොමු කිරීමට බැරි වෙන්න පුලුවන් ” යනුවෙන් ‘ඩේලි මිරර්’ වෙත පවසා තිබේ.
කෙසේ වෙතත් රවුෆ් හකීම් සහ ශානක්‍යන් රාසමානික්කම් ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු එම තේ පැන් සංග්‍රහයට පැමිණ සිටි බවට වාර්තා පළ විය.
තේ පැන් සංග්‍රහය පැවැත්වෙන අවස්ථාවේදී විපක්ෂ නායකවරයා මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡාවක නිරත වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ද තහවුරු කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart