
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සියඹලන්ගමුව ප්‍රදේශයේ සැරිසරමින් සිටියදී වෙඩි වැදීමෙන් සිදුවූ තුවාල සඳහා මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටින ‘කාවන්තිස්ස’ නමැති හස්තියාගේ සෞඛ්‍ය තත්ත්වයේ යහපත් ප්‍රගතියක් දක්නට ලැබෙන බව වනජීවී පශු වෛද්‍යවරු පවසති.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අනුව, වෛද්‍ය කණ්ඩායමක් විසින් ඊයේ දිනයේදීද අඛණ්ඩව ප්‍රතිකාර ලබා දී ඇති අතර, ඇතාගේ තුවාල වූ ප්‍රදේශය අවට පැවති ඉදිමීම අඩුවී ඇති බව නිලධාරීන් නිරීක්ෂණය කර තිබේ.
වනජීවී පශු වෛද්‍ය ඉසුරු හේවාකොට්ටගේ ඇතුළු පශු වෛද්‍ය කණ්ඩායම විසින් කාවන්තිස්ස ඇතාට අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙමින් සිටින අතර, වනජීවී නිලධාරීහු ඇතුගේ තත්ත්වය පිළිබඳව නිරන්තරයෙන් විමසිල්ලෙන් පසුවෙති.
එමෙන්ම කාවන්තිස්ස ඇතා මේ වන විට වැඩි වශයෙන් ජලයේ රැඳීසිටීමේ ප්‍රවණතාවක් පෙන්වන බවද වනජීවී දෙපාර්තමේන්තු නිලධාරීන් නිරීක්ෂණය කර ඇත.
පශු වෛද්‍ය කණ්ඩායමේ මෙහෙයවීමෙන් වනජීවී නිලධාරීන් විසින් ඇතාට අවශ්‍ය සියලු ප්‍රතිකාර ලබාදීමේ කටයුතු තවදුරටත් අඛණ්ඩව සිදුකරන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart