
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හදිසි අවස්ථාවකදී ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ සුබසාධනය සඳහා මෙරට රජයෙන් ඩොලර් 30,000ක මුදලක් වෙන්කර ඇති බව විදේශ සේවා නියුක්ති කාර්‍යංශය සඳහන් කරයි.
එම මුදල් අවශ්‍ය විටෙක භාවිත කිරීම සඳහා තානාපති කාර්යාලයට ලැබී ඇතැයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසයි.
සටන් හේතුවෙන් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් තවමත් අතුරුදන්ව සිටින බවත්, එක් අයෙක් තුවාල ලබා ඇති බවත් ඔහු සඳහන් කර තිබේ.
යුද තත්ත්වය හේතුවෙන් විපතට පත් විදේශිකයන්ගේ ලැයිස්තුව ඊශ්‍රායල විදේශ අමාත්‍යාංශය විසින් අද (13) ප්‍රකාශයට පත්කර ඇත.
ඊශ්‍රායලයේ ශ්‍රී ලාංකිකයන් 8,000ක් පමණ සේවය කරන අතර ඔවුන්ගෙන් සියයට 90ක් පමණ වැඩිහිටි නිවාසවල භාරකරුවන් වේ.
ගාසා තීරයට සහ ලෙබනනයට මායිම්ව ඇති ප්‍රදේශවල ගැටළු නොතකා, රටේ අනෙකුත් ප්‍රදේශවල සාමාන්‍ය තත්ත්වයක් පවතින බව තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart