
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මඟී ජනතාවට සහ වන්දනාකරුවන්ට සුවපහසු මඟී සේවාවක් සලසමින්, අනුරාධපුර බහුආකෘතික ප්‍රවාහන මධ්‍යස්ථානයේ පළමු අදියර ජනතා අයිතියට පත්කෙරිණි. මූල්‍ය ප්‍රතිපාදන හිඟකම හේතුවෙන් මීට පෙර අතරමඟ නැවතී තිබූ මෙහි ඉදිකිරීම් කටයුතු රජයේ මැදිහත්වීම මත කඩිනම් කිරීමෙන් අනතුරුව මෙලෙස විවෘත කිරීමට පියවර ගෙන තිබේ.
පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුර පූජා නගරය වෙත පැමිණෙන දහස් සංඛ්‍යාත බැතිමතුන්ගේ ප්‍රවාහන කටයුතු පහසු කිරීම සහ නගරයේ පවතින රථවාහන තදබදය අවම කිරීම අරමුණු කරගනිමින්, මෙම මධ්‍යස්ථානය තුළ මුල් අදියරේදී ‘Touch & Go’ (ස්පර්ශ කිරීමෙන් ගෙවීම් සිදුකළ හැකි) නවීන මඟී කාඩ්පත් සේවාවක් ක්‍රියාත්මක කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.
අදාළ ප්‍රවාහන බලධාරීන් ප්‍රකාශ කළේ මෙම සමස්ත ව්‍යාපෘතියේ සියලුම ඉදිකිරීම් කටයුතු එළඹෙන සැප්තැම්බර් මාසය වන විට සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට අපේක්ෂා කරන බවයි.
නවීන මඟී පහසුකම් රැසකින් සමන්විත මෙම ප්‍රවාහන මධ්‍යස්ථානයට ආබාධිත තැනැත්තන් සඳහා වූ විශේෂ ප්‍රවේශ පහසුකම්, බස් නැවතුම්පොළ සහ දුම්රිය ස්ථානය එකිනෙකට සම්බන්ධ කරන ගුවන් පාලමක්, විදුලි සෝපාන සහ විදුලි පඩිපෙළ ඇතුළත් කර තිබේ.
මීට අමතරව ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර (ATM), මඟී විවේකාගාර, වෙළඳසැල්, ආපනශාලා මෙන්ම මව්වරුන් සඳහා වූ විශේෂ මවි කිරි ලබාදීමේ කාමර ද මෙහි ස්ථාපිත කර ඇත.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart