
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පොලිස් කොස්තාපල්වරයකුට පහරදී ඔහුගේ වැටුප් මුදල් කොල්ලකෑ පිරිසක් සොයා ගල්නෑව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.
මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ ගල්කිරියාගම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙක් බව පොලීසිය පවසයි.
රාජකාරි අවසන් කර සිය පෞද්ගලික යතුරුපැදියෙන් නිවසට යමින් සිටියදී ගලේවෙල මාර්ගයේදී නාදුනන කණ්ඩායමක් විසින් මෙම නිලධාරියාට පහර දී ඔහු සතුව තිබූ ජංගම දුරකථනය හා වැටුප් මුදල් බව කියන රුපියල් පනස් අටදාහක් කොල්ලකා පළාගොස් තිබේ.
පහර කෑමෙන් තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇති අතර ඉදිරි විමර්ශන ගල්නෑව පොලිසිය විසින් සිදුකරන බව පැවැසේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart