
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බියර් වෙළඳසැලකට පැමිණ මුදල් නොගෙවා බියර් ලබාගැනීමට තැත්කළ පොලිස් කොස්තාපල්වරයකු වෙළඳසැල් සේවකයන්ගේ පහරකෑමට ලක්ව නිකවැරටිය රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇති බව කොබෙයිගනේ පොලීසිය පවසයි.
මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ කොළඹ මධ්‍යම කොට්ඨාසයේ විශේෂ කාර්යාංශයට අනුයුක්තව රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයකු බව වාර්තා වේ.
මෙම පොලිස් කොස්තාපල්වරයා ඔහුගේ මිතුරන් කිහිපදෙනකු සමඟ බියර් හලට පැමිණ බලහත්කාරයෙන් බියර් ඉල්ලීමේදී මෙම ආරවුල ඇති වී ඇති බව පොලීසිය පවසයි.
පොලිස් කොස්තාපල්වරයා පැළඳ සිටී රන් මාලයක් හා අත් පළඳනාවක් පහරදුන් පිරිස පැහැරගත් බවට පවසා තිබුණද, පොලිසිය විසින් සිදුකළ සීසීටීවී දර්ශන පරීක්ෂාවෙන් අනාවරණය වී ඇත්තේ පොලිස් කොස්තාපල්වරයා රන් භාණ්ඩ පැළඳගෙන එම ස්ථානයට නොපැමිණි බවය.
මේ සම්බන්ධයෙන් කොබෙයිගනේ පොලීසිය ඉදිරි විමර්ශන කටයුතු කරන සිදුකරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart