
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොළඹ ජාතික රෝහලේදී පසුගියදා ප්‍රතිජීවක ඖෂධයක් ලබාදීමෙන් පසු මියගිය පුද්ගලයාගේ සිරුරේ ජෛව සාම්පල වැඩිදුර විමර්ශන සඳහා ඉන්දියාවට යවා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ වාර්තා අනාවරණය කරයි.
වාර්තා සඳහන් කරන ආකාරයට, එම රෝගියාට ලබාදුන් ‘කෝ ඇමෙක්සි ක්ලොව්’ නමැති ප්‍රතිජීවක ඖෂධයේ සාම්පල ද වැඩිදුර විමර්ශන සඳහා ඔස්ට්‍රේලියාවට යවා තිබේ.
අදාළ විමර්ශනවල ප්‍රතිඵල ලැබුණු වහාම එම මරණය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට හැකියාව ඇතැයි අමාත්‍යංශය පවසයි.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ, කැපුම් තුවාලකට ප්‍රතිකාර ගැනීමට වරකාපොළ සිට පැමිණි 50 හැවිරිදි පුද්ගලයෙකි.
අදාළ රෝගියාට ලබාදුන් ප්‍රතිජීවක ඖෂධ කාණ්ඩය භාවිතය මේ වනවිට තාවකාලිකව අත්හිටුවා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart