
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලෝකය හොල්ලපු යුක්රේන – රුසියානු යුද්ධය දැන් අවුරුදු හතරකට වඩා වැඩියි. හැබැයි මේ යුද්ධය මිනිස්සුන්ව විතරක් නෙවෙයි, එහේ ඉන්න තටු ලැබුණු අහිංසක පක්ෂි ලෝකයත් සම්පූර්ණයෙන්ම වෙනස් කරලා කියන අපූරු පුවතක් දැන් විදෙස් මාධ්‍යවල තටු ලා පියාඹනවා. යුද පෙරමුණ අසලින් හමුවුණු පුංචි කුරුලු කූඩුවක් නිසා දැන් මුළු ලෝකයේම අවධානය යුක්රේනය දෙසට යොමුවෙලා. හේතුව? මේ කුරුල්ලා තමන්ගේ කූඩුව හදන්න පාවිච්චි කරලා තියෙන්නේ සාමාන්‍ය කූඩුවල දකින පිදුරු, කූරු විතරක් නෙවෙයි; යුද්ධයට පාවිච්චි කරන අධි-තාක්ෂණික ෆයිබර් ඔප්ටික් (Fibre-optic) කේබල් වයර්.
ඇත්තටම මොකක්ද මේ කතාව? දැනට කිලෝමීටර් 1,200ක් විතර දිවෙන යුක්රේන යුද පෙරමුණ පුරාම මේ අතිශය සිහින් ෆයිබර් ඔප්ටික් කේබල් විසිරිලා තියෙනවා. රුසියානු සහ යුක්රේන හමුදා තමන්ගේ ප්‍රහාරක ඩ්‍රෝන යානා සතුරන්ගේ විද්‍යුත් ජෑමර් ප්‍රහාරවලින් බේරගන්න මේ කේබල් පාවිච්චි කරනවා. සමහර කේබල් කිලෝමීටර් 20ක් විතර දිගයි. ගස් උඩ, කුඹුරු මැද, ගෙවල් වහල උඩ මකුළු දැල් වගේ දිලිසි දිලිසි තියෙන මේ වයර් කෑලි දැකපු කුරුල්ලෝ, ඒවා තමන්ගේ ගෙවල් හදන්න නියම බඩු කියලා හිතලා එකතු කරගන්න පටන් අරන්.
“මේ වගේ ෆයිබර් ඔප්ටික් කේබල් කෑලිවලින් හදපු කුරුලු කූඩු දකිද්දී, යුද්ධයේ ස්වභාවය කොයිතරම් දුරට සොබාදහමට බලපාලාද කියලා හිතාගන්න පුළුවන්” කියලා කියන්නේ කියෙව් නුවර යුද කෞතුකාගාරයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂිකාවක වන යානා හ්රින්කෝ.
හමුදාවෙන් හම්බවෙලා කෞතුකාගාරයට එවපු මේ අපූරු කූඩු දෙකෙන් එකක් නෙදර්ලන්තයේ ලයිඩන් නුවර ඉන්න කෘත්‍රිම කුරුලු කූඩු ගැන පර්යේෂණ කරන 33 හැවිරිදි ජීව විද්‍යාඥවරියක් වන ඕක්-ෆ්ලොරියන් හීම්ස්ට්රා වෙත යවන්න නියමිතයි. ඇය කියන්නේ තමන් ජීවිතේට මේ වගේ වයර්වලින් වියපු කුරුලු කූඩුවක් දැකලා නැති බවයි! මේ කූඩුව හැදුවේ මොන වගේ කුරුල්ලෙක්ද කියලා හොයාගන්න කූඩුවේ ඉතිරි වෙලා තියෙන DNA සාම්පල පරීක්ෂා කරන්නත් ඔවුන් සූදානම්.
මේ කේබල් නිසා කුරුල්ලන්ට හොඳ වගේම නරකත් වෙන්න පුළුවන්. කේබල් පටලැවිලා කුරුල්ලෝ අනතුරේ වැටෙන්න පුළුවන් වගේම, මේ වයර් නිසා කූඩුව වෙනදාට වඩා ශක්තිමත් වෙන්නත් පුළුවන්. කොහොම වුණත්, මිනිස්සුන්ගේ වෛරය නිසා සිද්ධවෙන යුද්ධයකදී, සොබාදහම තමන්ගේ පැවැත්ම වෙනුවෙන් තාක්ෂණය තමන්ට ඕන විදිහට හුරුකරගන්න අපූරු හැටි මේ කතාවෙන් පේනවා නේද?
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart