
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ මධ්‍යම ප්‍රදේශයට බලපෑ ගංවතුර තත්වය හේතුවෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 51 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මිය ගිය පිරිස අතර ළමුන් 15 දෙනෙකු ද සිටින බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.
එමෙන්ම ආපදාවෙන් පසු අතුරුදන් වූ පුද්ගලයන් සෙවීම සඳහා සහන සේවකයින් සිය ගණනක් යොදවා සිටින බව ද වාර්තා වේ.
ගංවතුර හමුවේ දරුණුතම බලපෑමට ලක්වූ ප්‍රදේශය වන්නේ Kerr ප්‍රදේශය වන අතර එහිදී පුද්ගලයින් 43 දෙනෙකු මියගොස් තිබේ.
එමෙන්ම ග්වාඩලුපේ ගඟ ආශ්‍රිතව ස්ථාපිත කර තිබූ කඳවුරක සිටි ළමුන් 27 දෙනෙකු අතුරුදහන් වී ඇති අතර ඔවුන් සියලුදෙනා ගැහැණු දරුවන් බව වාර්තා වේ.
එම පිරිස සොයා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මකයි.
“අතුරුදන් වූ සියල්ලන් සොයා ගන්නා තුරු අඛණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මකයි” යනුවෙන් කර් ප්‍රාන්තයේ ෂෙරිෆ් ලැරී ලීතා පොරොන්දු විය.
ට්‍රැවිස් ප්‍රදේශය සහ ටොම් ග්‍රීන් ප්‍රදේශය ඇතුළු ප්‍රාන්තයේ අනෙකුත් ප්‍රදේශවල ද පුද්ගලයින් මියගොස් ඇති බව තහවුරු කර ඇත.
ප්‍රාන්තයේ ඇතැම් ප්‍රදේශ වෙත සති අන්තයේදී ද ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර තිබිණි.
ආපදාවට ලක්ව සිටි පුද්ගලයින් 850 දෙනෙකු පමණ මේ වනවිට ආරක්ෂිතව මුදා ගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart