
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගුරු පත්වීම් ඉල්ලා පාසල් සංවර්ධන නිලධාරීන් පිරිසක් පසුගිය 2 වැනිදා බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවේදී තියුණු ආයුධයකින් කපා පොලිස් නිලධාරීන් තිදෙනකුට තුවාල සිදුකළැයි කියන පුද්ගලයා යුද හමුදා බුද්ධි අංශ නිලධාරියකු බවට මෙතෙක් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි තලංගම පොලිසිය කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඊයේ (10දා) දැනුම් දුන්නේය.
එම පුද්ගලයා සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වා විමර්ශන වල ප්‍රගතිය තම අධිකරණයට වාර්තා කරන ලෙසට පොලිසියට නියෝග කළ කඩුවෙල මහෙස්ත්‍රාත් වාගිමා විජේබණ්ඩාර, පොලිස් රාජකාරියට බාධාකිරිම ඇතුළු චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාසල් සංවර්ධන නිලධාරින් සිවුදෙනා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට ද නියෝග කළාය.
එකී උද්ඝෝෂණය පැවැත්වෙන අතරතුරදි විරෝධතාකරුවන් ප්‍රධාන මාර්ගයෙන් ඉවත් කිරීමට උත්සාහ කළ පොලිස් නිලධාරීන් තිදෙනකුට කැපුම් තුවාල සිදුවී තිබූ අතර එකී කැපුම් තුවාල සිදුකළ පුද්ගලයා හඳුනාගත් උද්ඝෝෂකයන් තියුණු ආයුධයක් සමගම ඔහුව ග්‍රහණයට ගෙන පොලිසියට භාරදී තිබිණි.
එම පුද්ගලයාගෙන් ප්‍රකාශයක් සටහන් කිරීමට පියවර ගත් බවද පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.
නිල් පැහැති කමිසයකින් සැරසී සිටි එම පුද්ගලයා එදින උදෑසන සිටම පොලිස් නිලධාරින් සමග පැමිණ සිටි අයකු බවත් සිය සේවාදායකයා එකී අපරාධය සිදු කළ බවට ඒත්තු ගැන්වීම සඳහා එම පුද්ගලයා පොලිස් නිලධාරීන්ට කැපුම් තුවාල සිදුකර ඇති බව පෙනී යන බවත් සැකකාර සංවර්ධන නිලධාරීන් වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරු අධිකරණයට පැවැසූහ.
එම පුද්ගලයා මේ දක්වා සැකකරුවකු ලෙස නම් කිරිමට පොලිසිය පියවර ගෙන නොමැති බව ද පෙන්වාදුන් විත්තියේ නීතිඥවරු සිය සේවාදායකයා ඇපමත මුදාහරින ලෙසට හඳුනාගැනීමේ පෙරෙට්ටුවෙන් අනතුරුව මහෙස්ත්රාත්වරියගෙන් ඉල්ලා සිටියහ.
හඳුනාගැනීමේ පෙරෙට්ටුව සංවිධානය කර ඇත්තේ ද පොලිසිය බවත්, එහි සාක්ෂිකරුවන් ලෙස ඉදිරිපත් කර ඇත්තේද පොලිස් නිලධාරීන් පිරිසක් බවත් පවසමින්, හඳුනාගැනීමේ පෙරෙට්ටුව සම්බන්ධයෙන් මූලික විරෝධතාවක් ඉදිරිපත් කළ විත්තියේ නීතිඥවරු, එකී හඳුනාගැනීමේ පෙරෙට්ටුව සම්බන්ධයෙන් විත්ති පාර්ශ්වයට කිසිදු විශ්වාසයක් නොමැති බවද අධිකරණයට පෙන්වාදුන්නේය.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart