
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාසල් දරුවන් වෙනුවෙන් පන්ති භාර ගුරුවරුන්ට මවුපියන්ගෙන් මුදල් එකතු කර තෑගිභෝග ලබාදීම තහනම් කර තිබියදීත්, එය නොසළකා හැර කටයුතු කරන අය සම්බන්ධයෙන් දැඩි පියවර ගැනීමට යයි.
ගුරුවරුන් වෙත තෑගිභෝග ලබාදීම තහනම් කර චක්‍රලේඛ නිකුත්කර තිබියදී, එවැනි ක්‍රියා සිදුවන බවට පැමිණිලි ලැබුණහොත් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර සුදුසු පියවර ගන්නා බව, අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත පවසයි.
පාසලක් තුළ එසේ මුදල් එකතු කර, ගුරුවරුන් වෙත තෑගි ලබාදීමක් සිදුවන්නේ නම්, ඒ පිළිබඳ අදාළ පාසලේ විදුහල්පතිවරයා දැනගත යුතු බව පෙන්වා දුන් ඇමැතිවරයා මෙසේ මවුපියන්ගෙන් මුදල් එක් රැස් කර තෑගි පිරිනැමීමේ අවස්ථා ඇතොත් අමාත්‍යාංශයට දැනුම්දෙන ලෙසද ඉල්ලා සිටී.
පාසල් දරුවන්ට අවශ්‍ය පොත්පත් ඇතුළු වෙනත් අවශ්‍යතාවන් සඳහා මවුපියන්ට විශාල මුදල් ප්‍රමාණයක් වියදම් කිරීමට පවතින ආර්ථික අර්බුදය නිසා සිදුව ඇති මේ අවස්ථාවේ ගුරුවරුන්ට තෑගි පිරිනැමීමට කටයුතු කිරීම බලවත් වරදක් බවද ඇමැතිවරයා සඳහන් කළේය.
මෙවැනි සිද්ධීන් බහුලව සිදුවන්නේ නාගරික පාසල්වල බැවින්, මෙම තත්ත්වය වැළැක්වීම සඳහා අවශ්‍ය චක්‍රලේඛ නිකුත්කර තිබියදීත් එවැනි දේ සිදුවෙනවා නම් වහාම දැනුම් දෙන ලෙස සඳහන් කළ ඇමැති සුසිල් ප්‍රේමජයන්ත, ගුරුවරුන්ට මෙසේ තෑගි ලබාදීමත්, ගුරුවරු එම තෑගි භාර ගැනීමත් වරදක් යැයිද පැවැසීය.(මව්බිම)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart