
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගැඹුරු මුහුදේදී ටූනා විශේෂයට අයත් මසුන් ඇල්ලීම සඳහා බහුදින යාත්‍රා හිමියන් විසින් මරුවැල් පන්න නම් වූ පන්න ක්‍රමය භාවිතා කරනු ලබයි.
ඒ සඳහා ඇම වශයෙන් දැල්ලන් හා වේක්කයා, සාලයා, පියාමැස්සා වැනි කුඩා මසුන් භාවිතා කරනු ලැබේ.
මත්ස්‍ය සම්පත තිරසර ලෙස පරිභෝජනය කිරීමේ ක්‍රමවේදයක් වශයෙන් මරුවැල් පන්න ක්‍රමය භාවිතයෙන් අල්ලාගනු ලබන මසුන් ඉහළ ප්‍රමිතියකින් යුක්ත වන බැවින් ඒ සඳහා විදේශීය වෙළෙඳපොළ තුළ ඉහළ මිලක් පවතී.
මෙරට බහුදින ධීවර යාත්‍රා 2,200ක් පමණ මරුවැල් පන්න ක්‍රමය භාවිත කරන අතර, ඒ සඳහා වාර්ෂිකව ඇම මසුන් මෙට්‍රික්ටොන් 8,000ක් පමණ අවශ්‍ය කෙරේ.
එහෙත්, එම ප්‍රමාණයෙන් දේශීයව සපයා ගැනීමට හැකියාව පවතිනුයේ මෙට්‍රික්ටොන් 4,000ක් පමණ වූ ප්රමාණයකි.
එබැවින්, පෞද්ගලික අංශයේ සහාය ඇතිව ඉදිරියේදී ඇම සඳහා වේක්කයා මසුන් දේශීයව නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇත.
ඒ අනුව, එම දේශීය නිෂ්පාදන භාවිතයට ගත හැකිවන තෙක්, වේක්කයා මසුන් ආනයනය කිරීමේදී තීරුබදු සහනයක් ලබාදීම සම්බන්ධයෙන් ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව සැලකිල්ලට ගෙන, වේක්කයා මසුන් ආනයනය කිරීමට අදාළව නව සංයෝජිත වර්ගීකරණ සංකේතාංකයක් හඳුන්වා දී ලියාපදිංචි ධීවර සමිති හරහා අවශ්‍ය වේක්කයා මසුන් ආනයනය කිරීමටත්, දැනට ක්‍රියාත්මක තීරු බදු ක්‍රමවේදය වෙනුවට ආනයනය කරනු ලබන වේක්කයා මසුන් කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 180/-ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් හඳුන්වාදී එම බද්දෙන් රුපියල් 130/-ක බදු සහනයක් වේක්කයා මසුන් ආනයනය කරනු ලබන ධීවර සමිති වෙත ලබාදීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart