Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වසර දහයක් තිස්සේ රජයට නොගෙවා පෙහැර හැරියේය කියන රුපියල් තුන් කෝටි විසිපන් ලක්ෂයක(32512815.56) වැට් බදූ මුදල ගෙවීමට වසර පහක සහන කාලයක් ලබා දෙන්නැයි පාදුක්ක ප්‍රදේශයේ පෞද්ගලික සමාගමක අධ්‍යක්ෂවරුන් වන අඹුසැමි යුවලක් කළ ඉල්ලීමක් ඉවත දැමූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඊළංඟසිංහ, අදාළ මුදල් වහාම ගෙවන ලෙස නියෝග කරමින් මාස හයක ලීහිල් වැඩ සහිත සිරදඬුවමක් ඊයේ (07)නියම කළේය.
2014 වසරේ ගෙවිය යුතු වැට් බදු මුදල් වසර දහයක් තිස්සේ නොගවා පැහැර හැරී ඇති බව පෙන්වාදුන් අතිරේක මහේස්ත්‍රාත්වරයා, වගඋත්තරකරුවන් ඉල්ලා සිටින පරිදි තවත් වසර පහක සහන කාලයක් ලබාදුනහොත් වසර පහළොවක් නොගොවා පැහැරහැරී බද්දක් වන බවට සඳහන් කළ අතර, පනතේ විධිවිධාන ප්‍රකාරව එය කළ නොහැකි බව පෙන්වා දෙමින් මෙම නියෝග නිකුත් කළේය.
2014 වසරේ කාර්තු තුනක් සහ 2015 වසරේ කාර්තු හතරක් සඳහා නොගෙවා පැහැර හැරියේ යැයි කියන බදු මුදල් අයකර ගැනීම සඳහා දේශීය ආදායම් කොමසාරිස්වරයා විසින් 2018 වසරේදී මෙම නඩුව පවරා ඇත.
දේශීය ආදායම් කොමසාරිස්වරයාගේ පැමිණිල්ල සළකා බැලූ මහේස්ත්‍රාත් අධිකරණය 2022 ඔක්තෝම්බර් මස 03 දින තීන්දුවක් නිකුත් කරමින් අදාල බදු මුදල් ගෙවන ලෙසට නියෝගයක් නිකුත් කර ඇත.
මහේස්ත්‍රාත් අධිකරණ නියෝගයට එරෙහිව වගඋත්තරකරුවන් විසින් අභියාචනයක් ගොනුකර ඇති අතර අදාළ අභියාචනය සළකා බැලූ මහාධිකරණය පසුගිය2024 පෙබරවාරි 29 වැනි දින අභියාචන පෙත්සම ගාස්තු රහිතව නිශ්ප්‍රභ කළේය.
මාහාධිකරණය මගින් අභියාචනය නිෂ්ප්‍රභ කිරීමට එරෙහිව වගඋත්තරකරුවන් විසින් අභියාචනාදීකරණය හමුවේ රීට් පෙත්සමක් ගොනුකළ අතර එම රීට් පෙත්සමද අභියාචනාධිකරණය නිෂ්ප්‍රභ කළේය.
මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම කරුණු ඉදිරිපත් කරමින් බදු ගෙවීමට වසර පහක සහන කාලයක් ලබා දෙන ලෙස ඉල්ලමින් ගෙවීම් සැලැස්මක් අධිකරණයට ඉදිරිපත් කළේය.
කරුණු සළකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා පනතේ විධිවිධාන ප්‍රකාරව එවන් අවස්ථාවක් ලබාදිය නොහැකි බවට සඳහන් කරමින් අදාළ නියෝග නිකුත් කරමින් බදු මුදල් නොගෙවන්නේ නම් මාස හයක ලිහිල් වැඩ සහිත සිරදඬුවමක් ද නියම කළේය.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart