October 13, 2026

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂට හෘද ශල්‍ය කර්මයක් සිදු කර ඇති බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් ජනමාධ්‍යවේදීන් සිදු කළ විමසීම් සඳහා ප්‍රතිචාර දක්වමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අද ජනමාධ්‍ය හමුවේ අදහස් පළ කළේය.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ ඇයට පවතින හෘද රෝගී තත්වය හඳුනා ගැනීම සඳහා අවශ්‍ය මූලික පරීක්ෂණ සිදු කර ඇති බවයි.

ඇයට ශල්‍යකර්මයක් සිදු කළ යුතුද යන්න පිළිබඳ එම පරීක්ෂණ වාර්තා අනුව විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් විසින් තීරණය කරනු ඇති බව ද අමාත්‍යවරයා එහිදී පැවසුවේය.