
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සිරගත කර සිටින ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව දැඩි මානසික පීඩාවකින් පසුවූ බවත්, එම භික්ෂුව වස පානය කර දිවි නසාගන්නා බවට ප්‍රකාශ කළ බවත්, ඥානසාර භික්ෂුවට ජනාධිපති සමාව ලබාගැනීමට දරන උත්සාහයන් පිළිබඳව සාකච්ඡා කෙරුණු ජනමාධ්‍ය සාකච්ඡාවකදී පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමියන් පවසා තිබේ.
උන්වහන්සේ පවසා ඇත්තේ සිරදඬුවම හේතුවෙන් ඥානසාර භික්ෂුව දැඩි ලෙස මානසිකව ඇදවැටී සිටි අතර වස පානය කර දිවි තොර කරගැනීම පිළිබඳව ද අදහස් පළ කළ බවයි.
“උන්වහන්සේ ළඟ වස බෝතලයක් තිබුණා, ඒක බීලා මැරෙනවා කියලා කිව්වා,” යනුවෙන් ආනන්දසිරි හිමියෝ පැවසූහ.
එහිදී තමන් වහන්සේ මැදිහත් වී ඥානසාර භික්ෂුව එම උත්සාහයෙන් මුදාගත් බවත්, ඉන්පසු එම වස බෝතලය විසි කර දැමූ බවත් උන්වහන්සේ වැඩිදුරටත් පවසා තිබේ.
බොදුබල සේනා සංවිධානය පැවති සමයේ සිට තමන් වහන්සේ සහ ඥානසාර භික්ෂුව අතර බරපතල මතභේද පැවති බව ද ආනන්දසිරි හිමියෝ මෙහිදී හෙළි කළහ.
කෙසේ වෙතත්, ඥානසාර භික්ෂුව පසුවූ මානසික තත්ත්වය සහ එම භික්ෂුව සිරගත වීමට බලපෑ පසුබිම දැනගැනීමෙන් අනතුරුව ඥානසාර භික්ෂුවට සහය දැක්වීමට තීරණය කළ බව ද උන්වහන්සේ සඳහන් කළහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart