
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මීට දශක කිහිපයකට පෙර මෙරට තුළ දැවැන්ත ආන්දෝලනයක් ඇති කළ මැතිව් පීරිස් පියතුමා පිළිබදව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන ඊයේ හදිසියේ සිහිපත් කළේය.
කොළඹ ශාන්ත පාවුළු ඇංග්ලිකන් පල්ලියේ විකාර්වරයා ලෙස කටයුතු කළ මැතිව් පීරිස් පියතුමා, අද්භූත බලයන් සහ යක්ෂයන් දොට්ට දැමීමේ කටයුතු සම්බන්ධයෙන් එකල ප්‍රසිද්ධියට පත්ව සිටියේය. මෙම කාලයේදී ඔහුගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ ඩැල්රීන් ඉංග්‍රම් නමැති කාන්තාව සමඟ ඔහු අනියම් සබඳතාවයක් පවත්වාගෙන ගොස් ඇතැයි පැවසේ.
ඩැල්රීන්ගේ සැමියා සහ පීරිස් පියතුමාගේ භාර්යාව අසාමාන්‍ය ලෙස මිය යන ලදී. එනම්, 1978 අගෝස්තු මාසයේදී ඩැල්රීන්ගේ සැමියා වූ රසල් ඉංග්‍රම් රුධිරයේ සීනි මට්ටම හදිසියේ අඩුවීමේ තත්ත්වයක් මත සිහිසුන්වී මියගිය අතර, ඊට සමාන අයුරින් මැතිව් පීරිස් පියතුමාගේ භාර්යාව වූ ඉයුනීස් පීරිස්ද 1979 මාර්තු මාසයේදී අභිරහස් ලෙස මරණයට පත් විය.
කොළඹ මහ රෝහලේ වෛද්‍යවරුන් විසින් මෙම මරණ දෙකෙහිම තිබූ සමාන ලක්ෂණ, එනම් ඉන්සියුලින් හෝ වෙනත් ඖෂධ මගින් හිතාමතා රුධිර සීනි මට්ටම පහත හෙළීම පිලිබදව සැක සිතී පොලිසියට දැනුම් දෙන ලදී.
දීර්ඝකාලීන පරීක්ෂණවලින් අනතුරුව අත්අඩංගුවට පත් වූ මැතිව් පීරිස් සහ ඩැල්රීන් ඉංග්‍රම්ට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල විසින් මරණ දඬුවම නියම කරන ලද අතර, පසුව අපරාධ ඇපෑලකින් ඩැල්රීන් නිදහස් වුවද මැතිව් පීරිස් පියතුමාගේ මරණ දඬුවම තහවුරු විය. එකල ශ්‍රී ලංකාවේ මරණ දඬුවම ක්‍රියාත්මක නොවීම නිසා එය ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් බවට පත් වූ අතර, වසර පහළොවකට ආසන්න කාලයක් සිරගතව සිටීමෙන් පසු 1997 වසරේදී ඔහුට ජනාධිපති පොදු සමාව හිමිවිය.
අවසානයේදී, මැතිව් පීරිස් පියතුමා 1998 මැයි 12 වැනි දින මොරටුව ප්‍රදේශයේ පිහිටි නිවසේදී වයස අවුරුදු 80 දී අභාවප්‍රාප්ත විය.
මෙම සත්‍ය අපරාධ කතාව පදනම් කරගනිමින් පසුව චන්ද්‍රන් රත්නම් විසින් “According to Matthew” නමින් සිනමා නිර්මාණයක්ද බිහි කරන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart