
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දියාවේ සිව්දෙනෙකුගෙන් යුත් පවුලක සාමාජිකයින් සියලුදෙනා ඔවුන්ගේ නිවස තුළ මියගොස් සිටියදී සොයාගෙන සති තුනකට ආසන්න කාලයක් ගතවී ඇතත්, සැබවින්ම සිදු වූයේ කුමක්දැයි තවමත් නිශ්චිතවම පැවසිය නොහැකි බව විමර්ශකයෝ BBC පුවත් සේවයට පවසති.
ඩොකාඩියා පවුලේ සාමාජිකයන් වන අබ්දුල්ලා, ඔහුගේ බිරිඳ නස්රීන් සහ ඔවුන්ගේ දියණියන් දෙදෙනා වන අයේෂා සහ සයිනබ්, අප්‍රේල් 25 වැනිදා මුම්බායි හි පයිදුනි ප්‍රදේශයේ පිහිටි ඔවුන්ගේ නිවස තුළ මියගොස් සිටියදී සොයා ගැනුණි.
මෙම පුවත ප්‍රසිද්ධියට පත් වීමත් සමඟ, ඉන්දීය ජනමාධ්‍ය මෙම සිදුවීම “පැණි කොමඩු මරණ” (watermelon deaths) ලෙස හැඳින්වීමට පටන් ගත්තේ, ඔවුන් මිය යාමට පෙර අවසන් වරට ආහාරයට ගෙන තිබුණේ පැණි කොමඩු බැවිනි.
මෙම මරණ සම්බන්ධයෙන් ඉන්දියාවේ ජනමාධ්‍ය මඟින් අඛණ්ඩව වාර්තා කළ අතර, ඉන්දියාවේ වඩාත්ම ජනප්‍රිය ගිම්හාන පලතුරක් වන පැණි කොමඩු අනුභව කිරීමේදී ප්‍රවේශම් වන ලෙස උපදෙස් දෙමින් සිරස්තල රැසක් පළ විය.
මෙම පලතුරට බාහිරින් යමක් කලවම් කර ඇති බවට හෝ වස මුසු කර ඇති බවටත්, අඹුසැමි යුවළ සහ ඔවුන්ගේ යොවුන් දියණියන් දෙදෙනා මියගියේ රාත්‍රී කාලයේදී එය අනුභව කිරීම නිසා බවටත් වාර්තා පළ විය.
මේ හේතුවෙන් පැණි කොමඩු සඳහා වූ ඉල්ලුම සීඝ්රයෙන් පහත වැටුණු අතර, මුම්බායි හි පලතුරු වෙළඳපොළවල පැණි කොමඩු මිල ගණන් ද පහළ බැස තිබිණි.
මෙම මරණ අහඹු ලෙස සිදු වූ අනතුරක් ද නැතහොත් හිතාමතාම සිදු කරගත් දෙයක් ද යන්න පිළිබඳව ද විවිධ මත පළ විය.
පසුගිය සතියේ මුම්බායි පොලිසිය ප්‍රකාශ කළේ, අධිකරණ වෛද්‍ය පරීක්ෂණ මඟින් ඩොකාඩියා පවුලේ සාමාජිකයන්ගේ මරණයට හේතුව සින්ක් පොස්ෆයිඩ් නමැති රසායනය බව තහවුරු වී ඇති බවයි.
එය මීයන් මැරීම සඳහා බහුලවම භාවිතා කරන අතිශය විෂ සහිත රසායනික ද්‍රව්‍යයකි.
මියගිය අයගේ ශරීර කොටස්වල මෙන්ම ඉතිරිව තිබූ පලතුරු කොටස්වල ද මෙම රසායනිකය තිබී හමු වූ බව ඔවුහු පැවසූහ.
නමුත් මෙම හෙළිදරව්ව සිදු වුවද, මෙම නඩුව මෙතෙක් විසඳී නොමැති අතර තවමත් පිළිතුරු නොලැබුණු ප්‍රශ්න රාශියක් පවතී.
පසුගිය බදාදා මුම්බායි පොලිසියේ ආරංචි මාර්ග BBC පුවත් සේවයට පැවසුවේ, මෙම මරණවලට හේතුව කුමක්ද යන්න හෝ පැණි කොමඩු ගෙඩිය තුළට වස ඇතුළු වූයේ කෙසේද යන්න පිළිබඳව තවමත් පැහැදිලි බවක් නොමැති බවයි.
“අපි තවමත් සාක්ෂි එකතු කරමින් සිටින අතර සියලු පැතිවලින් හේතූන් පිළිබඳව සොයා බලනවා, අපි මිනීමැරුමක්, අහඹු අනතුරකින් සිදු වූ මරණයක් හෝ සියදිවි නසාගැනීමක් යන කිසිදු කරුණක් බැහැර කර නැහැ.”” යැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.
ඩොකාඩියා පවුල ජීවත් වූයේ දකුණු මුම්බායි හි පයිදුනි ප්‍රදේශයේ පිහිටි පැරණි ගොඩනැඟිල්ලක පළමු මහලේය.
මෙම මරණවලින් පසුව පොලිසිය සිදු කළ පළමු ප්‍රකාශයේ සඳහන් වූයේ, එදින රාත්‍රියේ එම පවුලේ සාමාජිකයන් විසින් තම ඥාතීන් කිහිප දෙනෙකුට රාත්‍රී ආහාරය සඳහා ආරාධනා කර තිබූ බවත්, එහිදී ඔවුන් බිරියානි ආහාරයට ගෙන තිබූ බවත්ය.
පැමිණි අමුත්තන් රාත්‍රී 22:30 ට පමණ පිටත්ව ගොස් ඇති අතර, ඉන් පැය කිහිපයකට පසුව ඩොකාඩියා පවුලේ සාමාජිකයින් පැණි කොමඩු ආහාරයට ගෙන ඇත.
ඉන් නොබෝ වේලාවකට පසු ඔවුන් රෝගාතුර වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart