
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අභියෝගයට ලක්කරමින් ගොනුකළ නඩුව අභියාචනාධිකරණය විසින් නිෂ්ප්‍රභ කිරීම අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති අභියාචනය විභාගයට ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය අද (පෙබ.13) අවසන් කළේය.
ගාමිණී අමරසේකර, කුමුදුනී වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන විනිසුරුවන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අභියාචනය විභාගයට ගැනිණි.
නඩු විභාගය අවසන් වූ පසු විනිසුරු මඩුල්ල එහි තීන්දුව දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කළේය.
සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඕෂල හේරත් විසින් මෙම අභියාචනය ඉදිරිපත් කර ඇත්තේ රාජ්‍ය ඇමැතිවරියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සහ පුරවැසිභාවය සම්බන්ධයෙන් තමන් ගොනුකර තිබූ පෙත්සම අභියාචනාධිකරණය විසින් නිෂ්ප්‍රභ කර සති දෙකකට පසුවයි.
ඩයනා ගමගේ ඇතුළු කිහිපදෙනකු තම අභියාචනයේ වගඋත්තරකරුවන් ලෙස නම්කරමින්,ඕෂල හේරත් කියාසිටියේ, ද්විත්ව පුරවැසිභාවය ද ඇති බැවින්, ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරීමට ඩයනා ගමගේ නුසුදුසු බව පවසමින් තමන් මීට පෙර පෙත්සමක් ගොනුකළ බවයි.
කෙසේවෙතත්, අභියාචනාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් 2023 ඔක්තෝම්බර් 31 දින බෙදුම් තීන්දුවක් ලබාදුන් අතර, ගාස්තුවකට යටත්ව පෙත්සම ප්‍රතික්ෂේප කරන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart