
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනමාධ්‍යවේදියකු ලෙස කටයුතු කල තිළිණ රාජපක්ෂ යන අයට බැනවැදි පහරදි අමානුෂීය සැලකිම්වලට භාජනය කිරිම තුළින් අලව්ව පොලිසියේ නිළධාරින් තුන්දෙනෙකු ඔහුගේ මුලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කර තිබෙන බව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (22) තින්දු කළේය.
අදාළ ජනමාධ්‍යවේදියා විසින් ගොනුකළ මුලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනිමෙන් අනතුරුව අගවිනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන,සම්පත් අභයකෝන් යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු විසින් මෙම තීන්දුව ලබාදෙනු ලැබීය.
ඒ අනුව, මුලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරිම වෙනුවෙන් වරදකරුවන් කෙරුණු එවකට අලව්ව පොලිසියේ සැරයන්වරුන් ලෙස කටයුතු කල රවින්ද්‍ර කුමාර, බී.එම්.එස්.එස් විජය බණ්ඩාර හා පොලිස් කොස්තාපල් ජයසුන්දර යන නිලධාරින් සිය පෞද්ගලික මුදලිිින් එක් අයෙකු රුපියල් 25,000 වන ලෙස රුපියල් 75,000 ක මුදලක් පෙත්සම්කරුට ගෙවිය යුතු බවට නියෝග කර තිබේ.
මීට අමතරව වගඋත්තරකාර පොලිස් නිලධාරින්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අපරාධ විමර්ශනයක් පවත්වා චෝදනා ගොනුකිරිමට ඇති හැකියාව පිළිබඳව සොයාබලන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීතිපතිවරයාට නියෝග කරනු ලැබීය.(whatnews.lk)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart