
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිරු මාධ්‍ය ජාලය දිගින් දිගටම තහවුරු කර නොගත් ප්රවෘත්ති හා සාවද්‍ය ප්රවෘත්ති විකාශය කිරීම හේතුවෙන් එම මාධ්‍ය ආයතනය පිළිබදව අවශ්‍ය පියවර ගන්නා ලෙස විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව වෙත ලිපියක් මගින් දැනුම් දී ඇතැයි පොලීසිය පවසි.
මේ සම්බන්ධයෙන් විෂය ප්රාමාණිකයකු සහ හිටපු රජයේ වන ආචාර්ය රංග කලංසූරිය සිය ෆේස්බුක් ගිණුමේ මෙවැනි සටහනක් තබා ඇත.
“මේක වැරදි කොනෙන් අල්ලා ගැනීමක්. රටේ නීතිය ක්‍රියාත්මක කරන පොලීසියටවත් මේ ක්‍රියාදාමය ගැන අබමල් රේණුවකවත් දැනීමක් නැති බව පේනවා. TRC එකේ වගකීම මාධ්‍ය ආයතනවල අන්තර්ගතය ගැන හොයන එක නෙමෙයි. ඒ අයට ඒ ගැන කිසි දැනුමක් හැකියාවක් නැහැ. ඒ අය දන්නෙ සංඛ්‍යාත නියාමනය කරමින් තාක්ෂණික ගැටලු විසඳීම පමණයි. දැනට තියෙන නීතියට අනුව ටෙලිවිෂන් හෝ රේඩියෝ ආයතනයකින් වරදක් කරලානං පැමිණිලි කරන්න ඕනෙ ජනමාධ්‍ය අමාත්‍යාංශයට. මොකද බලපත්‍ර කොන්දේසි නිකුත් කරන්නේ ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන්. බලපත්‍ර කොන්දේසි කඩකරලා කියලා තියෙන පැමිණිල්ලක් තමයි විභාග කරන්න පුලුවන්. හරි ක්‍රමයට නං එවැනි පැමිණිල්ලක් ලැබුණාම අමාත්‍යාංශය විසින් අපක්ෂපාතීව පරීක්ෂණයක් පැවැත්වීමෙන් පසුවයි ඉදිරි ක්‍රියාමාර්ග ගන්න ඕනෙ. මේකෙ හොරාට කලින් කෙහෙල් කැන වැට පැනලා, පොලීසිය වටේ යනවා. අනේ මන්දා…….”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart