
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නීති විරෝධී ලෙස වෙනස් කරන ලද විදුලි මීටර සහ අනීතික මාර්ගවලින් විදුලිය ලබාගැනීම හේතුවෙන් සිය මණ්ඩලයට 2023 වසරේ පළමු මාස 8 තුළ රුපියල් මිලියන 80ක ආසන්න පාඩුවක් සිදුව ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
එම මණ්ඩලය ප්‍රකාශ කළේ, පරිභෝජනය කරන බලශක්තිය සඳහා ගෙවීම් නොකිරීමට ඇතැම් පුද්ගලයින් නීති විරෝධී ලෙස විදුලි රැහැන්වලට කොකු ගසා විදුලිය ලබාගැනීමටත් විදුලි මීටර විකෘති කිරීමටත් යොමු වී ඇති බවයි.
ඒ අනුව විදුලිය සොරකම් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මේ වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළ රුපියල් 79,074,856ක පාඩුවක් මණ්ඩලයට සිදුව තිබේ.
මෙම කාලය තුළ මීටර විකෘති කිරීම් සම්බන්ධ වැටලීම් 1,041ක් සහ නීතිවිරෝධී ලෙස විදුලි රැහැන්වලින් විදුලිය ලබාගැනීමේ සිද්ධි සම්බන්ධ වැටලීම් 81ක් සිදු කර ඇති බව විදුලිබල මණ්ඩලය සඳහන් කළේය.
නිල සංඛ්‍යා ලේඛනවලට අනුව, මීටර විකෘති කිරීම හේතුවෙන් සිදු වූ පාඩුව රුපියල් 76,427,649ක් වූ අතර විදුලි රැහැන්වලින් සෘජුවම විදුලිය ලබාගනීම්වලින් සිදුවූ පාඩුව රු. 2,647,207කි.
අත්අඩංගුවට ගත් පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු විදුලිබල මණ්ඩලය අය කරගෙන ඇති දඩ මුදල රු. 3,695,50කි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart