
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නවගමුව මාපිටිගම පත්තිනි දේවාලයේ කපුවාගේ කාර් රථය පැහැරගත් පුද්ගලයන් 04 දෙනකු මට්ටක්කුලිය පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
මට්ටක්කුලිය ප්‍රදේශයේ ගමන් කරමින් සිටියදී ආහාර ගැනීමට වෙළඳසැලක් අසල නැවතීමේ දී මෙම කාර් රථය සහ එහි තිබූ ලක්ෂ තුනකට අධික මුදලක් කොල්ලකා ඇති බවට මට්ටක්කුලිය පොලිසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත.
එම විමර්ශනයට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් හතර දෙනා කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, ඔවුන් සිව්දෙනා අතුරින් දෙදෙකු වාහන අත්පත් කරගැනීමේ පුද්ගලයන් ලෙස කටයුතු කරන බව අනාවරණය වී තිබේ.
පැහැරගත් කාර් රථය පොලිසිය විසින් සොයාගෙන ඇති අතර, පැමිණිල්ලේ සඳහන් අස්ථානගත වූ මුදල් සොයාගැනීමට නොහැකි වූ බව පොලිසියෙන් සිදුකළ විමසීමකදී ප්‍රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart