
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොළඹ සිට දිල්ලිය දක්වා වූ UL 195 ගුවන් යානය ඉන්දිරා ගාන්ධි අන්තර්ජාතික ගුවන් තොටුපළට ඊයේ (අගෝස්තු 23) හදිසි ගොඩබෑමක් සිදු කළ බවට පළ වූ පුවත් අසත්‍ය බව ශ්‍රීලංකන් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසන්නේ UL 195 සඳහා හදිසි අවස්ථාවක් ප්‍රකාශ නොකළ බවය.
එහි හයිඩ්‍රොලික් පද්ධති තුනෙන් එකක සුළු ගැටලුවක් පැන නැඟි බවත් මෙවැනි දේවල් විටින් විට සිදුවන අතර ඒවා හැසිරවීමට ගුවන් සමාගමේ කාර්ය මණ්ඩලය පූර්ණ පුහුණුව ලබා ඇතැයි ගුවන් සමාගම නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
එක් හයිඩ්‍රොලික් පද්ධතියක සම්පූර්ණ ක්‍රියාකාරිත්වය නැතිවීම ක්‍රියාකාරීත්වයට බලනොපාන අතර, ගුවන් යානය හදිසි ගොඩබෑමක් සඳහා හේතුවක් නොවන බව ගුවන් සමාගමය පැවසීය.
සාමාන්‍ය පූර්වාරක්ෂාවක් ලෙස, මෙහෙයුම් කාර්ය මණ්ඩලය දිල්ලි වෙත ගොඩබෑම සඳහා දිගු ධාවන පථය භාවිත කරන ලෙස ඉල්ලා සිටීමක් සිදු කර ඇතැයි නිවේදනයේ දැක්වේ.
ගොඩබෑම ආරක්ෂිතව සහ කිසිදු අනතුරකින් තොරව සිදු කරන ලද බවත් ගුවන් යානයේ සිටි සියලුම මගීන් තම ගමනට කිසිදු බාධාවකින් තොරව ආරක්ෂිතව සහ නියමිත වේලාවට පෙර ගුවන් යානයෙන් පිටව ගිය බවත් ශ්‍රීලංකන් අවධාරණය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart