
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, නවසීලන්තයේ වෙලින්ටන් නුවර පිහිටි ශ්‍රී ලංකා නව මහ කොමසාරිස් කාර්යාලය ඊයේ (28) නිල වශයෙන් විවෘත කර තිබේ.
මෙම සමාරම්භක අවස්ථාව ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්ගේ නිල නවසීලන්ත සංචාරයට සමගාමීව පැවැත්වුණු අතර, එහි ප්‍රධාන අමුත්තා ලෙස නවසීලන්ත විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් සහභාගී විය.
ශ්‍රී ලාංකේය ආගමික වතාවත් සහ නවසීලන්තයේ සාම්ප්‍රදායික මාවෝරි (Māori) ආශිර්වාදයන් මධ්‍යයේ උත්සවයේ කටයුතු ආරම්භ වූයේ දෙරටේම සංස්කෘතික අනන්‍යතාවන් මනාව පිළිඹිබු කරමිනි.
මෙහිදී සභාව ඇමතූ අමාත්‍ය විජිත හේරත් සඳහන් කළේ, නවසීලන්තය තුළ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක් පිහිටුවීම දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික, ආර්ථික සහ සංස්කෘතික සබඳතාවල නව පරිච්ඡේදයක ආරම්භයක් සනිටුහන් කරන්නක් බවයි.
මෙම අවස්ථාවට නවසීලන්ත විදේශ කටයුතු හා වෙළඳ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, එරට රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවේ නියෝජිතයන් මෙන්ම නවසීලන්තයේ පදිංචි ශ්‍රී ලාංකික ප්‍රජාවේ නියෝජිතයන් පිරිසක් ද එක්ව සිටියහ.
මෙම නව මහ කොමසාරිස් කාර්යාලය මඟින් නවසීලන්තයේ වෙසෙන 30,000කට අධික ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් වඩාත් කාර්යක්ෂම කොන්සියුලර් සේවාවන් සැලසීමට අපේක්ෂිතය.
එමෙන්ම දෙරට අතර වෙළඳ, අධ්‍යාපන සහ සංචාරක ක්ෂේත්රයන්හි සහයෝගීතාව තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට ද මෙමඟින් මඟ පෑදෙනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart