
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ලංකාවේ ආහාර ප්‍රදර්ශන උත්සවයක් සංවිධානය කර තිබුණු අතර එය ටෙල් අවිව් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාරගේ නිවසේ පැවැත්විණි.
මෙහි සාම්ප්‍රදායික ආහාර වර්ග 32 ක් ප්‍රදර්ශනය කර ඇති අතර මේ අවස්ථාව සඳහා සංචාරක ආයතන සමාජීකයෝ, ජනමාධ්‍යවේදීහු, සූපවේදීහු ඇතුළු විවිධ ක්ෂේත්‍රයන් නියෝජනය කරමින් ආරාධිතයෝ පැමිණ සිටියහ.
තානාපතිවරයා එම අවස්ථාවෙහි ලංකාවේ ආහාර සංස්කෘතිය පිළිබඳව පැහැදිලි කළ අතර එහි පැමිණ සිටි ආරාධිතයන්ගේ ඉල්ලීම් මත සූපශාස්ත්‍ර පාඩම් ඉගැන්වීමට වැඩසටහන්ද සංවිධානය කිරීමටද එකඟ වී ඇත.
ශ්‍රී ලංකාව හා ඊශ්‍රායලය අතර යහපත් වාණිජ සම්බන්ධතාවක් ඇතිකර ගැනීමට හැකියාවක් පවතින බවත්, ඉදිරියේදී එළඹෙන සංචාරයන් වලදී ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය සහ අපනයන සංවර්ධන මණ්ඩලය මෙන්ම සංචාරක ප්‍රවර්ධන ඒකකය හමුවීමට කැමැත්ත ඇති බව එම අවස්ථාවට සහභාගි වූ ඊශ්‍රායල ආසියා වාණිජ මණ්ඩලයේ සභාපති බර්න්ස්ටෙයින් රෙයිච් පවසා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart