
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සාපරාධී කටයුතුවලදී අන්‍යෝන්‍ය නෛතික සහයෝගීතාව පිළිබඳ ශ්‍රී ලංකාව දකුණු කොරියාව සමඟ ගිවිසුමකට එළඹීමට ඇමැති මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
රජයට අනුව, අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ, විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත නියෝජිත පිරිසක් සහ දකුණු කොරියාවේ අදාළ ආයතනවල නියෝජිත පිරිසක් අදාළ ගිවිසුම කෙටුම්පත් කර ඇත.
අපරාධ වැලැක්වීම, විමර්ශනය කිරීම සහ පැමිණිලි ගොනුකිරීමේ කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීම සහ දෙරටෙහිම අපරාධ වැළැක්වීමේ කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීම මෙමඟින් අපේක්ෂා කෙරේ.
එබැවින් දෙපාර්ශවය අතර එකී ගිවිසුම අත්සන් කර දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල මගින් එය අනුමත කිරීමට අධිකරණ ඇමැතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart