
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති පුෂ්ප කුමාර දයා බැට්ටගේ නමැත්තා ලබන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස ඊයේ (11) නියෝග කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ සැකකාර හිටපු සභාපතිවරයා ඊයේ උදෑසන කාර් රථයකින් ගමන් කරමින් සිටියදී කොටවිල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කොට තිබිණි.
ප්‍රාදේශීය සභා හිටපු සභාපතිවරයාගේ හිතවතකු හා ඥාතියකු බලපත්‍ර නොමැතිව ලී තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදී පසුගිය මස 25 වැනිදා ලොරි රථය සමගම කොටවිල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබිණි. සැකකරුවන් හා ලොරි රථය පොලිසියට ගෙනගොස් ප්‍රකාශ ලබාගැනීමට සූදානම් වන විට පොලිසියට කඩාවැදී ඇති සැකකාර ප්‍රාදේශීය සභා සභාපතිවරයා “උඹලා කොහොමද මගේ මිනිස්සුන්ගෙන් ප්‍රකාශ ලබා ගන්නේ” යැයි පොලිස් නිලධාරීන්ට බැනවැදී ඔවුන්ගේ රාජකාරියට බාධා කර තිබිණි.
පොලිස් ස්ථානාධිපතිවරයා පොලිසියේ නොමැති අවස්ථාවකදී ඔහු එලෙස පොලිසියට කඩාවැදී එලෙස බලපෑම් කර ඇත.
ඒ පිළිබඳව දැනගත් පොලිස් ස්ථානාධිපතිවරයා මාතර පොලිසියට කරුණු වාර්තා කර ලොරි රථයේ රියැදුරු හා අනෙක් පුද්ගලයා කැඳවා ප්‍රකාශ සටහන් කර අවශ්‍ය නීතිමය පියවර ගෙන තිබූ අතර පොලිස් රාජකාරියට බාධාකළ වැලිගම ප්‍රාදේශීය සභා හිටපු සභාපතිවරයාව වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මාතර මහෙස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කොට තිබිණි.
සති දෙකකට ආසන්න කාලයක් පොලිසිය මඟහරිමින් සිටි සැකකාර ප්‍රාදේශීය සභා සභාපතිවරයාව ඊයේ උදෑසන අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කිරීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට කොටවිල පොලිස් ස්ථානාධිපතිවරයා ප්රමුඛ නිලධාරීන් පියවර ගෙන තිබිණි.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart