October 8, 2026

මාර්ග අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි ඇප මත මුදාහැර තිබේ.

රුපියල් 100,000 ක ශරීර ඇපයක් මත ඔහුව මුදාහැරීමට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

ඊයේ (07) රාත්‍රියේ පනාගොඩ ප්‍රදේශයේදී සිදුවූ මාර්ග අනතුරක් සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබිණි.