October 8, 2026

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු තිදෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා ඇති නඩුව පවත්වාගෙන යාමට නොහැකි බව පවසමින් විත්තිකරුවන් ඉදිරිපත් කළ මූලික විරෝධතා කොළඹ මහාධිකරණය අද ප්‍රතික්ෂේප කළේය.

ඒ අනුව, දැනට පවතින අධිචෝදනා පත්‍රය යටතේ නඩුව ඉදිරියට පවත්වාගෙන යෑමට කොළඹ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න නියෝග කළේය.