
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කල්මුණේ මහනගර සභාවේ සහ සයින්දමරුදු නගර සභාවේ සීමානිර්ණ කටයුතු අවසන් වූ පසු ඡන්ද විමසීමට අදාළ ක්‍රියාමාර්ග ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එම පළාත් පාලන ආයතන දෙකෙහි සීමානිර්ණ කටයුතු මෙතෙක් අවසන් වී නොමැති බව ද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක ‘දිනමිණ’ට ප්‍රකාශ කර ඇත.
කල්මුණේ මහනගර සභාවේ සහ සයින්දමරුදු නගර සභාවේ කටයුතු ආරම්භ කළ යුතු දිනය ලෙස ලබන වසරේ මාර්තු 15 වැනි දින නියම කරමින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව ද සභාපතිවරයා පවසා ඇත.
එබැවින් එම දිනට පෙර මැතිවරණය පැවැත්විය යුතු හෙයින් සීමානිර්ණ කටයුතු කඩිනමින් අවසන් වියයුතු බව ද හෙතෙම සඳහන් කරයි.
මහනගර සභා සහ නගර සභා ආඥා පනතට අනුව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව පසුගිය ඔක්තෝබර් මස 13 වැනි දින අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර ඇත.
අදාළ කටයුතු සඳහා ජාතික සහ දිස්ත්‍රික් වශයෙන් සීමානිර්ණ කමිටු දෙකක් පත්කර ඇති අතර එම කමිටු වාර්තා අනුව කොට්ඨාස ප්‍රකාශයට පත්කිරීමට නියමිත වේ.
කොට්ඨාස ප්‍රකාශයට පත්කිරීමට අදාළ ගැසට් නිවේදනය පළකිරීමෙන් පසු කල්මුණේ මහ නගර සභාවේ සහ සයින්දමරුදු නගර සභාවේ ඡන්දය පැවැත්වීමට අදාළ නාමයෝජනා කැඳවීමේ දිනය ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක වැඩිදුරටත් සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart