
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයට ලද තොරතුරකට අනුව එහි සම්බන්ධීකරණයෙන්, ශ්‍රී ලංකා නාවික හමුදාව ක්ෂණිකව ක්‍රියාත්මක කරන ලද සෙවීමේ හා මුදාගැනීමේ මෙහෙයුමක් මඟින්, ශ්‍රී ලංකාවට බටහිර දෙසින්වූ මුහුදේ දී ආපදාවට පත්ව ක්‍රියාවිරහිතව තිබූ ඉන්දීය ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් සිව්දෙනකු නිරුපද්‍රිතව මුදාගැනීමට 2025 ජුලි මස 06 වැනි දින කටයුතු කර ඇත.
2025 ජුනි මස 29 වැනි දින සිට ඉන්දියානු ධීවර යාත්‍රාවක් අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පූර්ණ සන්නිවේදන සම්බන්ධතා රහිතව අතුරුදන්ව ඇති බවට ඉන්දියාවේ මුම්බායි සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙතින්, කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත සිදුකෙරුණු දැනුම් දී තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව ක්ෂණික ප්‍රතිචාර දැක්වීමක් ලෙස සියලුම සෙවීම් හා ගලවාගැනීම් මෙහෙයුම් පද්ධති ක්‍රියාත්මක කර ඇත.
අනතුරුව, බටහිර නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රා යොදවා සිදුකළ විශේෂ සේවීමේ හා මුදාගැනීමේ මෙහෙයුමක් මඟින්, හලාවතට ඔබ්බෙන් වූ බටහිර මුහුදේ ආපදාවට පත්ව, ක්‍රියාවිරහිතව තිබූ එම ඉන්දීය ධීවර යාත්‍රාව නිරීක්ෂණය කළ නාවික හමුදාව, එහි සිටි ඉන්දීය ධිවරයන් සිව්දෙනකු නිරුපද්‍රිතව මෙලෙස මුදාගැනීමට කටයුතු කර තිබේ.
මෙම මෙහෙයුම මඟින් මුදාගත් ඉන්දීය ධීවරයන් සිව්දෙනා ඉන්දියාවේ මිනිකෝයි දුපතේ පදිංචි පුද්ගලයන් බවට අනාවරණය වී ඇත.
එම පිරිස දික්ඕවිට වරායට රැගෙනවිත් අවශ්‍ය වැඩිදුර සහන සැලසීම නාවික හමුදාව සහ වෙරළාරක්ෂක බලකාය විසින් සිදුකර තිබේ.
අනතුරුව සිදුකළ මූලික වෛද්‍ය පරීක්ෂණයන්ගෙන් පසුව, එම ඉන්දීය ධිවරයන් සිව්දෙනා ඉදිරි කටයුතු සඳහා වත්තල පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කර ඇත.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart