
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අදාළ නඩුවල අධිකරණ කටයුතු අවසන් වීමෙන් පසුව, ‘කුෂ්’ නමැති කෘත්‍රිම මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 40කට ආසන්න ප්‍රමාණයක් ඇතුළු කිලෝග්‍රෑම් 62කට අධික මත්ද්‍රව්‍ය තොගයක් විනාශ කිරීමට ශ්‍රී ලංකා බලධාරීන් ඉකුත් සිකුරාදා පියවර ගත්තේය.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් වැටළීම්වලදී අත්අඩංගුවට ගන්නා ලද මෙන්ම, දිවයින පුරා පිහිටි අධිකරණ මඟින් විනාශ කිරීමට නියෝග කර රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව භාරයේ තබා තිබූ මත්ද්‍රව්‍ය තොගයක් මෙලෙස විනාශ කළ බව පොලිසිය පවසයි.
පුත්තලම, වණාතවිල්ලුව, ලක්තෝට ප්‍රදේශයේ පිහිටි විශේෂිත මත්ද්‍රව්‍ය විනාශ කිරීමේ මධ්‍යස්ථානයකදී අධි උෂ්ණත්ව උඳුන් ආධාරයෙන් මෙම මත්ද්‍රව්‍ය තොගය පුළුස්සා විනාශ කර තිබේ.
මෙසේ විනාශ කරන ලද මත්ද්‍රව්‍ය තොගයට ‘කුෂ්’ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 39.710ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 14.097ක්, කොකේන් කිලෝග්‍රෑම් 2.030ක්, හෙරොයින් කිලෝග්‍රෑම් 1.002ක්, ගංජා සහ හෂීස් කිලෝග්‍රෑම් 4.139ක්, MDMA මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1.200ක් සහ මත්පෙති 26,262ක් ඇතුළත් විය.
මීගමුව අතිරේක මහේස්ත්‍රාත්වරයා, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ජාතික මත්ද්‍රව්‍ය නාශක ප්‍රතිකර්ම මණ්ඩලය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ගේ සෘජු අධීක්ෂණය යටතේ මෙම මත්ද්‍රව්‍ය විනාශ කිරීමේ කටයුතු සිදුකෙරිණි.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart