
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විදේශ පුහුණුව නිමවා පැමිණෙන වෛද්‍ය විශේෂඥයන්ට මෙරටදී කැපවීමෙන් සේවය කිරීමට දැඩි ආශාවක් ඇතත් අවධානය යොමු නොකළ ගැටලු මාලාවක් හේතුවෙන් ඔවුන් අධෛර්යයට පත්ව ඇතැයි වෛද්‍ය විශේෂඥයන්ගේ සංගමය (AMS) සඳහන් කරයි.
යටිතල පහසුකම්වල හිඟකම, පරිපාලන ක්‍රියාකාරීත්වය සහ පහසුකම් පිලිබඳ ගැටළු ඇතුළුව ඔවුන් මුහුණ දෙන අභියෝග මාලාවක් පිළිබඳව වෛද්‍ය විශේෂඥයන්ගේ සංගමය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට යවන ලද ලිපියක සඳහන් කර ඇත.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය පරිපාලකවරුන්ගේ පහත සඳහන් පරිපාලන වැරදි පිළිබඳව ද ඔවුහු සෞඛ්‍ය ලේකම්වරයාගේ අවධානයට යොමුකර තිබේ.
ඒ අනුව, 2023 වෛද්‍ය විශේෂඥයන්ගේ වාර්ෂික ස්ථාන මාරුවීම් අනවශ්‍ය ලෙස ප්‍රමාද කිරීම, දුරස්ථ රෝහල්වල ප්‍රායෝගික නොවන ආකාරයට වැඩකරන ලෙස ඉල්ලා තරුණ විශේෂඥයන්ට හිරිහැර කිරීම, බුද්ධි ගලනය වැළැක්වීමට ප්‍රායෝගික නොවන දණ්ඩන ක්‍රියාමාර්ග යෝජනා කිරීම සහ වෛද්‍ය රුහුල් හක්ගේ නඩුව පිළිබඳව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් විනය නියෝග ක්‍රියාත්මක කිරීමට ඵලදායී පියවර නොගැනීම ආදිය ඒ අතර වේ.
මෙම ප්‍රධාන පරිපාලන වැරදි නිසා මෙරට ජනතාවට ප්‍රශස්ථ සෞඛ්‍ය සේවාවක් ලබාදීම සඳහා විශේෂඥ වෛද්‍යවරුන්ට විශාල දුෂ්කරතා ඇති වී ඇති බව වෛද්‍ය විශේෂඥයන්ගේ සංගමය අවධාරණය කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart