
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කිලිනොච්චිය වැවේ මසුන් සහ අනෙකුත් ජලජ ජීවීන් විශාල වශයෙන් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් ඉල්ලීමක් කර තිබේ.
උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම් සම්බන්ධ කර ගනිමින් අමාත්‍යවරයා ඉල්ලා ඇත්තේ, මෙම සිද්ධියට හේතු පිළිබඳව වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් සවිස්තරාත්මක වාර්තාවක් ලබා ගන්නා ලෙසයි.
වැවේ පහළ කොටසේ විශාල මසුන්, මිරිදිය ඉස්සන් සහ මත්ස්‍ය පැටවුන් ඇතුළු ජලජ ජීවීන් විශාල සංඛ්‍යාවක් මියගොස් ජලයේ පාවෙමින් තිබියදී සොයාගෙන ඇත. වැවේ ජලය මුදා හැරීමේ ක්‍රියාවලිය සහ වාරිමාර්ග කටයුතු හේතුවෙන් ඇතිවිය හැකි ගැටලු සම්බන්ධයෙන් මතුව ඇති අවධානය සැලකිල්ලට ගනිමින්, මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමේ අවශ්‍යතාව අමාත්‍යවරයා අවධාරණය කළේය.
මෙම සිදුවීම හේතුවෙන් මිරිදිය ධීවර කර්මාන්තය ජීවනෝපාය කරගත් පවුල් රැසක් දැඩි ලෙස පීඩාවට පත්ව සිටිති. දීර්ඝ කාලයක සිට මහත් පරිශ්‍රමයකින් වගා කළ මත්ස්‍ය සම්පත මෙන්ම ධීවර දැල් ඇතුළු ධීවර ආම්පන්න ද ධීවරයින්ට අහිමි වී තිබේ.
ධීවරයින්ට සිදුව ඇති හානිය, ඔවුන්ගේ ජීවනෝපායන්ට එල්ල වී ඇති බලපෑම සහ මෙම සිද්ධියට හේතු විය හැකි කරුණු පිළිබඳව පුළුල් තොරතුරු ලබාගෙන සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අමාත්‍යවරයා ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලා සිටියේය.
එමෙන්ම, මසුන් මියයාම හේතුවෙන් වැවේ ජලයේ ගුණාත්මකභාවයට සහ අවට පරිසරයට සිදුව ඇති බලපෑම තක්සේරු කිරීමේ, සිද්ධියට මූලික හේතු හඳුනා ගැනීමේ සහ පීඩාවට පත් ධීවර ප්‍රජාවට සහන සැලසීමට සුදුසු පියවර ගැනීමේ අවශ්‍යතාව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart