January 20, 2024

මාස 9ත් අවුරුදු 15ත් අතර ළමුන් සඳහා සරම්ප, කම්මුල්ගාය සහ රුබෙල්ලා යන රෝග සඳහා ප්‍රතිශක්තිය සපයන MMR එන්නත ලබාදීමේ ප්‍රතිශක්තිකරණ වැඩසටහන මෙම සති අන්තයේ අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ඒ අනුව මෙම වැඩසටහන අද (20) සහ හෙට (21) දීප ව්‍යාප්තව පැවැත්වේ.

මෑත කාලීන කොවිඩ් 19 වසංගතය පැවති සමයේ ගෝලීය වශයෙන් සහ කලාපීය වශයෙන් සරම්ප එන්නත් කිරීමේ අඩුවීමක් දක්නට ලැබේ.

එය ගෝලීය වශයෙන් මෙන්ම කලාපීය මට්ටමින් සරම්ප රෝගීන් වාර්තා වීම කැපී පෙනෙන ලෙස ඉහළ යෑමට හේතු වූ බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

2023 අප්‍රේල් 07 සහ 2023 ජූලි 05 අතර උපත ලද දරුවන් අතිරේක සරම්ප එන්නත් මාත්‍රාව ලබා ගැනීමට සුදුසුකම් ලබයි.