
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, ශුද්ධෝත්තම XIV ලියෝ පාප් වහන්සේ විසින් වතිකානයේදී කැඳවනු ලැබූ දෙවන විශේෂ කාදිනල් සභාව සඳහා සහභාගී වී තිබේ. පසුගිය ජුනි 26 සහ 27 යන දෙදින පුරා මෙම විශේෂ හමුව පැවැත්විණි.
ශුද්ධෝත්තම පියතුමාගේ විශේෂ ආරාධනයෙන් කැඳවනු ලබන මෙම උපදේශාත්මක හමුව, කතෝලික සභාවට මෙන්ම සමස්ත ලෝකයටම බලපාන වැදගත් කරුණු පිළිබඳව කාදිනල් මණ්ඩලයේ අදහස් හා උපදෙස් ලබාගැනීම වෙනුවෙන් පවත්වනු ලබන්නකි.
මෙවර විශේෂ කාදිනල් සභාවේ ආරම්භය සනිටුහන් කරමින් ජුනි 26 වන දින ශාන්ත පේදුරු බැසිලිකාවේදී ශුද්ධෝත්තම පියතුමාගේ ප්‍රධානත්වයෙන් විශේෂ දිව්‍ය පූජාවක් ද පැවැත්විණි.
අනතුරුව වතිකානයේ VI වන පාවුළු ශ්‍රවණාගාරයේදී සැසි හතරකින් යුතුව නිල සාකච්ඡා වට ආරම්භ විය.
එහිදී ශුද්ධෝත්තම පියතුමා සහ කාදිනල් මණ්ඩලය එක්ව සභාවේ හා ලෝකයේ වත්මන් තත්ත්වය, ලෝක සාමය ප්‍රවර්ධනය කිරීම, සංගමන ක්‍රියාවලිය සහ ශුද්ධෝත්තම පියතුමාගේ නවතම ආගමික ලේඛනය වන ‘Magnifica Humanitas’ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කර තිබේ.
ලෝකයේ විවිධ රටවල් නියෝජනය කරමින් කාදිනල්වරුන් 178 දෙනෙකු සහභාගී වූ මෙම සුවිශේෂී සාකච්ඡා මණ්ඩපයේදී, ශ්‍රී ලංකාව නියෝජනය කළ අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සිය දිගුකාලීන දේවගැති හා ආධ්‍යාත්මික සේවා අත්දැකීම් ඇසුරින් වටිනා අදහස් රැසක් ඉදිරිපත් කරමින් සාකච්ඡාවන්ට සක්‍රීය දායකත්වයක් ලබාදී ඇත.
මෙම විශේෂ කාදිනල් සභාවේ සමාප්ති උත්සවය පසුගිය ජුනි 29 වන දිනට යෙදුණු ශුද්ධ වූ පේදුරු සහ පාවුල් අපෝස්තුළුවරුන්ගේ මංගල්‍යයට සමගාමීව ශාන්ත පේදුරු බැසිලිකාවේදී පැවැත්වුණු අතර, එය ශුද්ධෝත්තම පාප් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැති මහෝත්සව දිව්‍ය පූජාවකින් නිමාවට පත්විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart