
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ගාල්ල බන්ධනාගාරයේ රැදවියන් අතර පැතිරෙන Meningococcal රෝගය ව්‍යාප්ත වීමත් සමග ව්‍යාජ රෝග ලක්ෂණ පෙන්නුම් කරමින් රැඳවියන් කිහිපදෙනකු අයුතු වාසි ලබාගැනීමට උත්සාහ කරමින් සිටින බව වාර්තා වේ.
මෙම බැක්ටීරියාව ආසාදනය වූ බවට සැකකෙරෙන රැදවියන් 12 දෙනකු සිටි අතර ඉන් දෙදෙනෙකු මිය ගොස් ඇත.
ඉතිරි සිරකරුවන්ගෙන් සිව් දෙනෙකු නිදහස් කර ඇති අතර තවත් සිව්දෙනෙකු ව්‍යාජ රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවට සෞඛ්‍ය නිළධාරින් හදුනාගෙන තිබේ.
සෞඛ්‍ය අංශ පවසන්නේ, රෝගය වැළදී දින දෙකකින් මියයා හැකි තත්ත්වයට මෙම රෝගය මාරාන්තික වීම හේතුවෙන් රැඳවියන් මුදාහැරිය නොහැකි බව යි.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, රැදවියන් කෙබදු රෝග ලක්ෂණ පෙන්නුම් කළ ද රදවා තබාගන්නා ලෙස ඔවුන්ට නියෝග ලැබී ඇති බවයි.
ගාල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය කෝනාර සෝමරත්න පවසන්නේ, ගාල්ල බන්ධනාගාරයේ තත්ත්වය මේ වන විට පාලනය කර ඇති බවත් මෙම බැක්ටීරියාව බන්ධනාගාරයෙන් සම්පූර්ණයෙන් ම මර්දනය කිරීමට සියලු පියවර ගෙන ඇති බවත් ය.
රෝග ලක්ෂණ පෙන්නුම් කළ රැඳවියන් බන්ධනාගාරයේ හුදෙකලා සිර මැදිරියක තබා ඇති බව ද ඔහු පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart