
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2022 ජනවාරි 1 වැනිදා සිට ක්‍රියාත්මක වූ ලොව විශාලතම නිදහස් වෙළඳ ක්ෂේත්‍රය වන කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වයේ (RCEP) සාමාජිකයකු වීමට ශ්‍රී ලංකාව අදහස් කරන බව විදේශ ඇමැති අලි සබ්රි පැවසීය.
RCEP හා සම්බන්ධ වීමට, 2023 ජුනි 28 වැනි දින ‘ආසියාන් ලේකම් කාර්යාලයට’ ශ්‍රී ලංකාව අභිප්‍රාය ලිපිය ඉදිරිපත් කර ඇති බව ඔහු සඳහන් කළේය.
ඇමැතිවරයා මේ බව පැවසුවේ 2023 ජූලි 14 වැනි දින ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පැවති 30 වැනි ආසියාන් කලාපීය සංසදයේ (ARF) ඇමැති මණ්ඩල රැස්වීමේදීය.
ඕස්ට්‍රේලියාව, බෲනායි, කාම්බෝජය, චීනය, ඉන්දුනීසියාව, ජපානය, දකුණු කොරියාව, ලාඕසය, මැලේසියාව, මියන්මාරය, නවසීලන්තය, පිලිපීනය, සිංගප්පූරුව, තායිලන්තය සහ වියට්නාමය RCEP හි ආරම්භක සාමාජිකයන් 15 දෙනා වේ.
RCEP 2023 ජූලි 01 සිට නව සාමාජිකයන් සඳහා විවෘත විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart