
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් සිදුකරන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් පොල්ගොල්ල ජලාශයේ ජලය මුදාහැරීමට නියමිතව ඇත.
මේ හේතුවෙන් 2026 සැප්තැම්බර් 25 වැනි දින පෙ.ව. 07.00 සිට සැප්තැම්බර් 28 වන දින ප.ව. 02.00 දක්වා පැය 79ක කාලයක් ප්‍රදේශ රැසක ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.
ඒ අනුව, ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ:
– විසල් මහනුවර ජල පවිත්‍රාගාරය හා පොල්ගොල්ල ජල පවිත්‍රාගාරය මගින් ආවරණය වන ප්‍රදේශ:
* පාතදුම්බර ජල පවිත්‍රාගාරයට අයත් බලනගල, උඩතලවින්න, තලවින්න, කහල්ල සහ පිටියෙගෙදර
* හාරිස්පත්තුව බල ප්‍රදේශයේ යටිනුවර, කොණ්ඩදෙණිය, නුගවෙල, රජපිහිල්ල සහ පල්ලෙමුල්ල
* කූගොම්මන, පුජාපිටිය ලේකම් කොට්ඨාස බල ප්‍රදේශයේ කහවත්ත, කුරුඳුවත්ත, තෙලඹුගහවත්ත
* කුන්ඩසාලේ ප්‍රදේශයේ ලේවැල, සිරිමල්වත්ත, අම්පිටිය, අමුණුගම, හන්නාන සහ වලල
– මහනුවර මහා නගර සභා බල ප්‍රදේශය:
* අස්ගිරිය ජල තටාකය මගින් ජලය බෙදා හරින ප්‍රදේශ
– වෙනත් ප්‍රදේශ:
* කුරුණෑගල මාවතගම ප්‍රදේශ කිහිපයක්
අපහසුතාවයන් මගහරවා ගැනීම සඳහා අවශ්‍ය ජලය කලින් රැස්කර තබා ගන්නා ලෙස ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart