
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාව තවදුරටත් මූල්‍යමය වශයෙන් බංකොලොත් රටක් නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ ඇඟවුම් කළේය.
නිදහස් දිනය නිමිත්තෙන් පණිවිඩයක් නිකුත් කරමින් වික්‍රමසිංහ සිහිපත් කර ඇත්තේ, ශ්‍රී ලංකාව නිදහසේ 75 වැනි වසර සමරන විට “මුල්‍යමය වශයෙන් බංකොලොත් රටක් ලෙස ලේබල් කිරීමේ අපකීර්තියට අපි මුහුණදුන්” බවයි.
“කෙසේවෙතත්, 76 වැනි ජාතික නිදහස් දිනය උදාවන විට, නොයෙකුත් බාධාවන් සහ අභියෝග මධ්‍යයේ වුවද ආර්ථිකය ස්ථාවරත්වය කරා ගෙනයමින් මෙම අභියෝග ජය ගනිමින් ඵලදායී ලෙස අප ගමන් කර තිබෙනවා,” යනුවෙන් ජනාධිපතිවරයා පවසයි.
විස්තීර්ණ, දීර්ඝ කාලීන ජාතික ප්‍රතිසංස්කරණ වැඩසටහනකට අනුකූලව දුෂ්කරතා විඳදරාගත් පුරවැසියන්ගේ නොසැලෙන සහයෝගය හේතුවෙන් ජයග්‍රහණ ක්‍රමානුකූලව සාක්ෂාත් කරගැනීමට හැකි වූ බවද ඔහු අන්දහන් කරයි.
මෙම ගමන පුරාවට අභියෝග ක්‍රමක්‍රමයෙන් පහව යන බවත්, ජීවන බර සැහැල්ලු වන බවත්, ආර්ථිකය ශක්තිමත් වන බවත්, ශ්‍රී ලංකා මාතාව පුනරුදයකට පත්වන බවත් ජනාධිපතිවරයා සහතික වී තිබේ.
“අපි අතීත වැරදි ගැන අවබෝධයක් ලබාගැනීම සහ ඒවා නැවත සිදුවීම වළක්වා ගැනීම අත්‍යවශ්‍ය වේ. වත්මන් වර්ධන ගමන් මග ගෝලීය වශයෙන් පිළිගෙන ඇති හෙයින්, මෙම මාවතේ අඛණ්ඩව ගමන් කරමින් සෞභාග්‍යය යළි ස්ථාපිත කිරීමට මෙම නිදහස් දිනයේදී සාමූහිකව අදිටන් කර ගනිමු” යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart